නොමිලේ ස්පා පහස පතා කළමනාකරුට පහරදීලා… පොලිසියේ 2 ක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

1487

සුරූපී තරුණියන්ගේ පහස නොමිලේ ලබා නොදීම නිසා කෝපයට පත්ව තලංගම ප‍්‍රදේශයේ සම්බාහන ආයතනයක කළමනාකරුට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඇතුළුව සිව් දෙනකු තලංගම පොලිසිය මගින් ඊයේ (25 දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සිව්දෙනා කඩුවෙල අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස ලක්‍ෂය බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට කහතුඩුව පොලිසියේ කොස්තාපල්වරයකු සහ කොස්තාපල් රියැදුරෙකු ඇතුළු සිව් දෙනකු පෙරේදා (24 දා* සවස තලංගම ප‍්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩා වැදී ඇත.

තමන් පොලිස් නිලධාරීන් බවට හැඳුනුම්පත් පෙන්වමින් මෙම සැකකරුවන් සම්බාහන ආයතනයේ සුරූපිනියන්ගේ පහස නොමිලේ ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

එහිදී කළමනාකරු ඊට විරෝධය පළ කර ඇති අතර දෙපිරිස අතර ආරවුලක් හටගෙන ඇත. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස සම්බාහන ආයතනයේ කළමනාකරුට අමානුෂික ලෙස පහරදී ඔවුන් පැමිණි වෑන් රථයේ නැඟී පළාගොස් ඇත.

මේ සම්බන්ධයෙන් සම්බාහන ආයතනයේ කළමනාරු කොට්ටාව පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන පසුව තලංගම පොලිසිය වෙත භාරදී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව මඟින් වෙනම විමර්ශනයක් පවත්වාගෙන යයි.

තලංගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment