නොමේරූ දරුවෙකු ලෙසින් මරණය දැක ලෝකයේ වයස්ගත කාන්තාව ලෙසින් වාර්තා තබා ඇය නික්ම ගියාය…

267

නොමේරූ දරුවෙකු ලෙස නොමේරූ දරුවෙකු ලෙස 1902 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින ජපානයේ කියුෂු දූපතේ “පජිරෝ ” නමැති ගම්මානයේ උපත ලද ඇය නමින් කනෝ තනාකා නම් වූවාය. පසුගිය දිනක ඇය වසර 119 ක් සහ දින 107 ක් ආයු ලැබ අභාවප්‍රාප්ත වූවාය. 2019 වසරේදී කනෝ තනාකා ලෝකයේ වයස්ගත කාන්තාව ලෙසින් ගිනස් වාර්තා පොතට ඇතුළත් විය.

නමුත් ඇය උපන් අවස්ථාවේදී මෙතරම් දීර්ඝායුෂ ලබන දරුවෙකු ගැන කිසිදු සිහිනයක් දෙමව්පියන් තුළ නොවීය. ඇගේ ජීවත්වීම කොතරම් අවදානමක පැවැතියේද යත් කනෝගේ උපත පවා දෙමාපියන් විසින් ලියාපදිංචි කරනු ලැබුවේ 1903 ජනවාරි දෙවැනි දිනයි. දරුවන් නව දෙනකුගෙන් යුක්ත පවුලක නව වැන්නිය වූවාය. මව්පියන් විසින් ඇයට තැබූ මුල් නාමය වූයේ “කනේ ඕනා” ය.

1922 වසරේදී විවාහ වුණ ඇය දරුවන් සිව්දෙනකුගේ මවක වූවාය. නමුත් ඇය කුළුඳුලේ ලද දියණියට ජීවත්වීමට වාසනාව ලැබුණේ පැය කීපයක් පමණි. දෙවැනි දියණියත් උපත ලබා ටික දිනකින් මිය ගියාය. නමුත් පුතුන් දෙදෙනාට ජීවත්වීමේ වාසනාව ලැබුණි. ඒ අතර තවත් දරුවෙකු ඇය තමාගේ ලෙසින් දරු තනතුරෙහි හදා වඩා ගත්තාය.

ව්‍යවසායිකාවක්…

1922 වසරේ ඇය හයිඩො තනාකා සමග විවාහ වූවාය. ඒ වෙන විට ඇය යාන්තම් වයස අවුරුදු 19 ක තරුණියකි. ඇගේ සැමියා හමුදා නිලධාරියෙකු ලෙහාල්පිටි රසකැවිලි (Zenzai) සහ උඩොන් නූඩ්ල්ස් (Udon noodles) ගඔවුන්ගේ නිෂ්පාදන විය. අතිරේක ආදායම් මාර්ග උපයා ගත්තිය. 1937-1939 අතර කාලයේද පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ඇගේ වැඩිමහල් පුත් “නොබියු” සෝවියට් රුසියානු හමුදා විසින් සිරකරුවෙකු ලෙසින් රඳවා ගත් අතර 1947 වසරේදී ඔහු නිදහස් විය. වසර 90 ක් ආයු ලද ඇගේ සැමියා 1995 වසරේදී අභාවප්‍රාප්ත විය.

ලෙඩ රෝග සමග ජීවත් විය

ලෝකයේ දීර්ඝායුෂ ලත් ගැහැනිය ඇය වුණත් කනෝ තනාකාද ලෙඩ රෝග වලින් මිදී ජීවත් වූයේ නැත. ඇය දෙවතාවක් පිළිකා රෝගයේ ගොදුරක් විය. වයස අවුරුදු 45 දී ඇසේ සුද නිසා ශල්‍ය කර්මයකට භාජන වූවාය. නැවතත් වයස අවුරුදු 103 ක් වෙන විට බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගියෙකු වුණත් ඇය විසින් මේ මාරක කඩඉම් ජය ගත්තාය.

දීර්ඝායුෂ ලැබීමේ රහස

චොකලට් සහ පැණිරස ආහාර ප්‍රිය කළ කනෝ 2018 වසරේ සිට ජපානයේ ෆුකුඒකාකි සාත්තු නිවාසයේ සේවයට සම්බන්ධ වූවාය. පුවරු (Classic board game) ක්‍රීඩාව සහ ගණිත ක්‍රීඩා ඇගේ ප්‍රියතම විනෝදාංශයයි. විවේක කාලය ඇය මෙවැනි ක්‍රිඩාවන් සමග ගෙවන ලදී. දීර්ඝායුෂ ලැබුමේ රහස ගැන ඇය ජීවතුන් අතර සිටියදී අදහස් දක්වමින් කියා සිටියේ මම හොඳින් ආහාරපාන ගන්නවා… සතුටින් සිටිනවා… දෙවියන් ගැන විශ්වාසයෙන් සිටිනවා.. ඇයගේ ආත්මීය ප්‍රකාශය ලෝකයට එලෙසින් ඉදිරිපත් කළාය. ඇගේ නිකම යෑමෙන් පසුව දැන් ලෝකයේ වයස්ගත කාන්තාව ලෙසින් ගිනස් පොතට ඇතුළත්ව සිටින්නේ දෑස් නොපෙනෙන කාන්තාවක්. ලුසිල් රැක්මෙන් නමැති ඇය මේ වෙන විට වයස අවුරුදු 118 ක් ආයු ලැබ සිටින්නීය. අපි ඇයටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment