නොරොච්චෝලෙට ගල්අඟුරු දෙලොවක් අතර

178

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙරටට සපයනවාද? නැද්ද? යන්න ගල්අඟුරු ලබාදීමට එකඟවී සිටින සමාගම අද (19 දා) බලශක්ති අමාත්‍යාශයට දැනුම්දීමට නියමිත බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මුදල් ගෙවීමට මාස 06 ක සහන කාලයක් සමග අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කර තිබෙන මෙම සමාගමට එරෙහිව අධිකරණයට ගොස් ඇති නිසා එම සමාගම ගල්අඟුරු සැපයුමෙන් ඉවත්වී අඩු මුදලකට ගල්අඟුරු ලබාගන්නා ලෙසට බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම නිලධාරියා කීය.

දැනට ලබන මස මැද පමණ වනතෙක් ගල් අඟුරු තොග තිබෙන බවත් නිසි කාලයට ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් දිනකට පැය 10 ක පමණ විදුලි කප්පාදුවකට යෑමට සිදුවිය හැකි බවත් එම නිලධාරියා පැවසීය. නිසි ලෙස ගල්අඟුරු සපයා ගැනීමට නම් මේ වනවිට ගල් අඟුරු ඇණවුම් කළ යුතු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment