නොරොච්චෝලෙට ගල්අඟුරු නෑ

155

ජන.1 දා සිට පැය 10 ක් විදුලිය කැපෙයි – ලංවිම ඉංජිනේරු සංගමය

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීමට නොහැකිවීම නිසා ජනවාරි 01 වැනිදා සිට පැය 10 ක දෛනික විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමය පවසයි.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු තොග දෙසැම්බර් 31 වැනිදා අවසන් වන බවත් ඒ අනුව විදුලි කප්පාදුව පැය 10 කට ආසන්න කාලයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවන බවත් එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ (20 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා ලබන අප්‍රේල් මැද වාරකන් කාලය අවසන් වීමට පෙර ගල්අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු වුවත් මේ වනතෙක් පැමිණ ඇත්තේ නැව් 06 ක් බවද ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය මත අවශ්‍ය ගල්අඟුරු තොග සපයා ගත නොහැකි බවත් ගල්අඟුරු නැවක් පැමිණ ගොඩබෑමට දින 05 ක් ගතවන අතර ඒ ආකාරයෙන් නැවක් පිටත්වන විට අනෙක් නැව ගල් අඟුරු රැගෙන පුත්තලමට පැමිණිය යුතු බවත් ඔහු පැවසීය. ඒ ආකාරයෙන් එකපිට එක නැව් ඒමෙන් පමණක් මසකට ගල්අඟුරු නැව් 06 ක් පැමිණිය යුතු බවද සභාපතිවරයා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment