නොරොච්චෝලෙට ටෙන්ඩර්වලින් පිට ගල් අඟුරු ගන්න යයි

149

නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත ලබන මස 20 වැනිදා වනවිට අවසන් වන බැවින් නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගල්අඟුරු මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර ඇත.

ගල්අඟුරු මිලදී ගැනීම සඳහා මසකට අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 95 ක මුදල හෝ ඒ සඳහා එක ඩොලරයක්වත් ලබාදීමට නොහැකි බවට මහ බැංකුව ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව අවධිමත් ක්‍රම හරහා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමට තීරණය වී තිබේ.

ගල්අඟුරු මිලදී ගැනීමේ දැනට ලියාපදිංචි පිළිගත් සමාගම් හරහා ඒවා මිලදී ගැනීමේදී පවා වංචා, දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා සිදුවී තිබෙන බවට රජයේ විගණකාධිපති වාර්තා මගින් පෙන්වාදී තිබියදී ක්‍ෂණික මිලදී ගැනීම්වලට යොමුවීම හරහා විශාල වශයෙන් දූෂණ, අක්‍රමිකතා හා මූල්‍ය වංචා සිදුවන බව විගණන නිලධාරීහුද කියා සිටිති. ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගල්අඟුරු ආනයනයට අවධිමත් සමාගම් හතරක්, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාට අදාළ ලිපිගොනු මේ වනවිටත් යොමුකර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment