නොරොච්චෝලේ එකක් එයි: තව එකක් යයි

140

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියාව සඳහා මාස තුනක් පමණ නතරකර තිබූ යන්ත්‍රය අද (14 දා) නැවත ජාතික පද්ධතියට එක්කරන විට තවත් යන්ත්‍රයක් ජාතික පද්ධතියෙන් ඉවත් කෙරේ.

බලාගාරය සතු යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබියදී විදුලි බල මණ්ඩලය මගින් යන්ත්‍ර දෙකකින් විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්කරන ලෙස කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන පළමු යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන බව බලාගාර ඉංජිනෝරුවෝ පවසති.

නොරොච්චෝලෙන් දෙසැම්බර් අවසන් වන තෙක් ජාතික පද්ධතියට මෙගාවොට් 600 ක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව දෙසැම්බර් අවසන් වනතෙක් විදුලි උත්පාදනයට බලාගාරය සතුව ගල්අඟුරු සංචිත පවතී.

නිතර නිතර යන්ත්‍රයේ සාමාන්‍ය අලුත්වැඩියාවන් සිදුකර මාසයකින් පමණ නැවත ක්‍රියාත්මක කිරීමට නියමිත අතර වසර හයකින් සිදු කළ යුතු අත්‍යවශ්‍යම නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය ලබන වසරේ මුල් භාගයේදී නැවත නතර කිරීමට නියමිතය. එම යන්ත්‍රය නතර කිරීමෙන් පසු යළි අලුත්වැඩියා සඳහා මාස 03 ක පමණ කාලයක් ගතවන බව ද ඉංංජිනේරුවෝ කියා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment