නොරොච්චෝලේ  එක් යන්ත්‍රයක් 15දාට පෙර අලුත්වැඩියා  කළ යුතුයි – ඉංජිනේරුවෝ කියති

154

නවීකරණය නොකර එකදිගට විදුලි උත්පාදනය කරමින් තිබෙන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එක් ජනන යන්ත්‍රයක් ලබන 15 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර අලුත්වැඩියා කළයුතු බව ඉංජිනේරුවන් විසින් දැනුම්දී තිබේ.

නොරොච්චෝල බලාගාරයේ මෙම ජනන යන්ත්‍රය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට සොයාබලමින් සිටින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාද සඳහන් කර ඇත.

නියඟය නිසා ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමට පත්වීම හා තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල්, දැවිතෙල් හා නැප්තා නොමැති වීම ආදී කාරණා නිසා ඉකුත් මාස කිහිපයේදී නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම (මෙගාවොට් 900) එක දිගට ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවිය. කෙටි කාලීනව හා වාර්ෂිකව කළයුතු නඩත්තු කටයුතු නොකර එක දිගට ගල්අඟුරු බලාගාරය මගින් විදුලිය ජනනය කිරීම නිසා සමස්ත බලාගාරයම බරපතළ විනාශයකට ලක්විය හැකි බවද ඉංජිනේරුවෝ බලධාරීන්ට පෙන්වා දී තිබේ.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment