නොරොච්චෝලේ ගල්අඟුරු ණය ඩොලර් කෝටි 3 ට ළඟයි

201

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම් දෙකක් සඳහා විදුලිබල අමාත්‍යාංශය විසින් කෝටි තුනකට ආසන්න ඇමරිකානු ඩොලර් මුදලක් (ඇ. ඩො. 27,499,130) ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ගල්අඟුරු සැපයීමේ දීර්ඝ කාලීන ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන ස්විස් සිංගප්පූරු ඕවර්සීස් සමාගම (Swiss Singapore Overseas Enterpises)) සඳහා ඇමරිකානු ඩොලර් එක්කෝටි පනස්හයලක්ෂ අසූපන්දහස් තුන්සිය හැටදෙකක මුදලක් (ඇ.ඩො. 15,685,362) ගෙවීමට ඇත.

ක්ෂණික ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන සුයික් ඒජ් (Suek Ag) සමාගම වෙත ඇමරිකානු ඩොලර් එක්කෝටි දහඅට ලක්ෂ දහතුන් දහස් හත්සිය හැටඅටක මුදලක් (ඇ. ඩො. 11,813,768) ගෙවිය යුතුය.

මෙම මුදල මෙම වසරේ සැප්තැම්බර් 12 වැනිදා වනවිට ගෙවීමට නියමිතව තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

නමුත් රටේ පවතින විදේශ විනිමය අර්බුදය නිසා මෙතෙක් එම මුදල ගෙවා නැත.

දීර්ඝ කාලීන ප්‍රසම්පාදන ගිවිසුම යටතේ ස්විස් සිංගප්පූරු ඕවර්සීස් සමාගම විසින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.125ක් සපයා තිබිණි.

ක්ෂණික ප්‍රසම්පාදනයට අදාළ සුකී ඒජ් සමාගම ගල්අඟුරු මෙට්‍රික් ටොන් 351,894ක් සපයා ඇත.
ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment