නොරොච්චෝලේ ගල් අඟුරු තිබෙන්නේ තව දින 80 කටයි

232

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ඇත්තේ තවත් දින 80 කට පමණක් යැයි එම බලාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

බලාගාරයේ යන්ත්‍ර තුන ක්‍රියාත්මක කර මෙගාවොට් 900 ක් විදුලි ජනනය කරන අතර ඉන් මෙගාවොට් 810 ක් ජාතික පද්ධතියට එක්කෙරේ. ඉතිරි මෙගාවොට් 90 බලාගාරයේ අවශ්‍යතා සඳහා භාවිතා කරයි.

මේ වන විට බලාගාරයේ යන්ත්‍රයක් අලුත්වැඩියා කරන අතර එම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් අහිමිවී තිබේ. නඩත්තු කටයුතු අවසන් කර තව දින 60 කින් පමණ යන්ත්‍රය ක්‍රියාත්මක කළද ඒ සමඟම එහි තෙවැනි යන්ත්‍රය ද අලුත්වැඩියා කටයුතු සඳහා දින 75 කට නතර කිරීමට සිදුවන බව ද පැවසේ.

මෙම යන්ත්‍ර දෙක අලුත්වැඩියා කටයුතු සඳහා නතර කරන බැවින් එම දිනයන්ද අදාළව ගල් අඟුරු අඩුකර ආනයනය සිදුකර ඇතැයි ද එම ආරංචි මාර්ග කීය. සැප්තැම්බර් මාසයෙන් පසු ගල් අඟුරුවල අවශ්‍යතාව පිළිබඳව බලධාරීන්ට දැනුම් දී යන්ත්‍ර තුනට අවශ්‍ය ගල් අඟුරු ආනයනය කිරීමට කල් තියා කටයුතු කරන ලෙස ඉල්ලීම් කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment