නොරොච්චෝලේ ජනන යන්ත්‍ර අලුතවැඩියාවට ලැබුණු කැබිනට් අනුමැතිය අවුරුද්දක්ම හමස් පෙට්ටියේ

202

නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවලට වසර හයකට වරක් සිදු කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලැබී ඇතත් මේ දක්වා එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු සිදු කර නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.

නොරොච්චෝලේ බලාගාරය ඉදිකර දසවසරක් පමණ ගෙවී ගොස් ඇතත් අදටත් එම අලුත්වැඩියා කටයුතු සඳහා චීනයෙන් ඉංජිනේරුවන් ඇතුළු සේවකයන් තුන්සියයක් පමණ ගෙන්වීමට සිදුව තිබෙන බව පවසන වෘත්තීය සමිති එක් ජනන යන්ත්‍රයක් අක්‍රීයව තිබෙන මේ අවස්ථාවේ යම් ආකාරයකට තවත් යන්ත්‍රයක් බිඳ වැටුණහොත් මුළු රටම දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන බවද පවසයි.

මේ අතර නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය වීමට හේතුවී තිබෙන්නේ ගල්අඟුරු දහනයේදී ඇතිවන දුම ඉවතට ඇද දැමීමට එහි සවිකර ඇති පද්ධතියේ දෝෂයක් පවතින බවට නඩත්තු කටයුතු භාර නිලධාරීන් පෙන්වා දෙද්දීත් එය නොතකා යන්ත්‍රය ධාවනය කිරීම බව අනාවරණය වී තිබේ. මෙසේ අක්‍රීය වී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ මුලින්ම සවිකරන ලද පළමු ජනන යන්ත්‍රය වේ. අදාළ පද්ධතියේ ඇතිවූ දෝෂය පහසුවෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව තිබියදී වගකිවයුතු නිලධාරීන් එම තත්ත්වය නොසලකා කටයුතු කර ඇතැයිද හෙළිවී ඇත. අක්‍රීය වූ ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරයි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment