නොරොච්චෝලේ තෙවැනි යන්ත්‍රයට දින 4 කින් යළි පණ එයි

63

නොරොච්චෝල බලාගාරයේ අක්‍රීය වූ තෙවැනි යන්ත්‍රය අලුත්වැඩියා කර තව දින හතරකින් පමණ යළි පණගැන්වීමට බලාගාර ඉංජිනේරුවන් අදහස් කර තිබේ.

යන්ත්‍රයේ පැවති දෝෂ හඳුනාගෙන එය පිළිසකර කරමින් සිටින බවත්, එය යළි ක්‍රියාත්මක කර විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කර, එම යන්ත්‍රයේ අත්‍යවශ්‍ය නඩත්තු (වසර හයකට වරක් සිදුකරන) සඳහා ලබන ජුනි මාසයේදී නතර කිරීමට අදහස් කරන බවත් බලාගාර ඉංජිනේරුවෝ පවසති.

අප්‍රේල් වාරකන් කාලයට පෙර ගල්අඟුරු නැව් 31 ක් ගෙන්වා ගැනීමට අදහස් කර ඇතත් මේ වනවිට ඉන්

ගෙන්වා ගත හැකි වී තිබෙන්නේ නැව් 20 ක් පමණක් බව ද ගල්අඟුරු නැව් කිහිපයක් ඉදිරි දිනවලදීත් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ඉංජිනේරුවෝ පවසති.

බලාගාරයේ යන්ත්‍ර තුන මගින් මෙගාවොට් 900 ක් විදුලිය නිපදවා මෙගාවොට් 90 ක් බලාගාරයේ අවශ්‍යතාවයට රඳවාගෙන මෙගාවොට් 810 ක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment