නොරොච්චෝලේ දිව්වත් විදුලි කැපිල්ල එහෙම්මම

78

නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කර ජාතික පද්ධතියට එක්කළත් විදුලි කප්පාදුවේ අඩුකිරීමක් සිදුකළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ගල් අඟුරු හිඟව තිබීම නිසා ඉන්ධන භාවිතා කර නොරොච්චෝල බලාගාරයෙන් විදුලිය උත්පාදනය කළ බවත්, නැවත බලාගාරයට ගල්අඟුරු ලැබීම නිසා එහි උපරිම ධාරිතාව ලබාගෙන ඉන්ධන බලාගාර නතර කිරීමට කටයුතු කරන බවත් රත්නායක මහතා කීය.

ඉන්ධන මගින් විදුලිය නිපදවීමට විශාල වියදමක් දැරීමට සිදුවන බවත්, ගල් අඟුරුවලින් විදුලිය නිපදවීම ලාභදායක වීම නිසා එම බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කර විදුලිය උත්පාදනය කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment