නොරොච්චෝලේ නඩත්තුවට චීනුන්ට කෝටි 100 ක්!

340

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා මාස තුනක කොන්ත්‍රාත් කාලයකට චීන ඉංජිනේරුවන් වෙත රුපියල් කෝටි 100 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක්) ගෙවා දමන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මෙලෙස චීන ඉංජිනේරුවන්ට ඇමෙරිකානු ඩොලර්වලින් පඩි හා දීමනා ලබාදෙමින් සිටියදී තවත් විදුලි ඉංජිනේරුවන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම මත නොරොච්චෝල බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා බඳවා ගැනීමට අදාළව ඇබෑර්තු පවතින බවට දැන්වීම් පළකර ඇතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා කියයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් හා ඉංජිනේරු සුදුසුකම් සපුරා සිටින අධිකාරිවරුන් දෙසීයකට අධික පිරිසක් සිටියදී බලාගාරයේ සියලු කටයුතු විදුලි ඉංජිනේරුවන්ගේ පාලනයට නතුකරගෙන සිටින නිසා එම බලාගාරය නිතර දෝෂවලට ලක්ව කැඩී යන බවද ඒ මහතා පැවසීය.

විදුලි බලාගාරවල යාන්ත්‍රික දෝෂ සම්බන්ධයෙන් කටයුතු කිරීමට යාන්ත්‍රික ඉංජිනේරුවන් හා සුදුසුකම් සපුරා සිටින අධිකාරිවරුන් සිටියදී විදුලි ඉංජිනේරුවන් බලාගාරයේ ආධිපත්‍ය සිය ග්‍රහණයට ගෙන සිටින බවද නිශාන්ත මහතා පැවසීය. එසේ තිබියදී චීන ඉංජිනේරුවන්ට එක් කොන්ත්‍රාත් කාලයකට (මාස තුනකට) ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් (රුපියල් කෝටි 100) වැය කරමින් අලුතින් කොන්ත්‍රාත් පදනම මත විදුලි ඉංජිනේරුවන් පනහක් පමණ බඳවා ගන්නට යන්නේ පාලනාධිකාරියට පත්ව සිටින විදුලි ඉංජිනේරුවන් යැයිද නිශාන්ත මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment