නොරොච්චෝලේ නඩත්තුවට චීන ඉංජිනේරුවන්ට ඩොලර් මිලියන 70 ක් ගෙවලා

132

අපේ ඉංජිනේරුවන්ට කළ හැකි වැඩත් චීනෙට දීලා

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා ඉකුත් වසර එකොළහක් ඇතුළතදී චීන ඉංජිනේරුවන් සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන හැත්තෑවකට ආසන්න මුදලක් ගෙවා ඇතැයි ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා පැවසීය.

මෙම බලාගාරයේ නඩත්තු කටයුතු ් ඊ ක්‍ ලෙස වර්ග කර තිබෙන අතර ් වර්ගයේ ප්‍රධාන පෙළේ නඩත්තු සඳහා චීන ඉංජිනේරු සහාය ගැනීමේ බරපතළ වරදක් නොමැති වුවත් මෙරට ඉංජිනේරුවන්ට කළ හැකි ඊ සහ ක්‍ මට්ටමේ නඩත්තු කටයුතු සඳහා ද චීන ඉංජිනේරු සහාය ලබාගෙන ඇතැයි ද ඒ මහතා කීය.

මාස හයක කාලයකට මෙයාකාරයට චීන ඉංජිනේරු සහාය ලබාගැනීමට අනුමැතිය ලබාගෙන එය දිගටම සිදුකරගෙන ගොස් ඇතැයි ද නිශාන්ත මහතා පැවසීය.

ඒ අනුව එක් මාස හයකට ඇමරිකානු ඩොලර් මිලියන 3 බැගින් වසර එකොළහක කාලයේ දී දළ වශයෙන් ඩොලර් මිලියන 70කට වඩා නිරපරාදේ වැයකර ඇත.

මේ වනවිට රට තුළ බරපතළ ඩොලර් අර්බුදයක් තිබියදී මෙරට ඉංජිනේරුවන්ට කළ හැකි ඊ සහ ක්‍ මට්ටමේ නඩත්තු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඩොලර්වලින් ගෙවීම් කිරීම කනගාටුවට කරුණක් බව ද නිශාන්ත මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment