නොරොච්චෝලේ යන්ත්‍රයක් අද නැගිටියි

124

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා සඳහා නතර කර තිබූ දෙවැනි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර අද (21 දා) අලුයම එය ක්‍රියාත්මක කරන බව බලාගාර ඉංජිනේරුවෝ පවසති.

යන්ත්‍රය ක්‍රියාත්මක කර පැය 48 ක් පමණ යෑමෙන් පසු විදුලිය නිපදවීම සිදුවන බවත් ඉන් අනතුරුව ක්‍රමක් ක්‍රමයෙන් එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවත් ඔවුහු පවසති. බලාගාරයේ යන්ත්‍ර තුනෙන් 02 ක් මේ වනවිට ක්‍රියාත්මක කර එහි නිපදන මෙගොවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අලුත්වැඩියා කටයුතු කර අද (21 දා) ක්‍රියාත්මක කරන යන්ත්‍රය මගින්ද දින කිහිපයක් යනවිට මෙගාවොට් 270 ක විදුලියක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි.

බලාගාරයේ යන්ත්‍ර 03 මගින් මෙගාවොට් 900 ක් නිපදවන අතර ඉන් මෙගාවොට් 90 ක් බලාගාරයේ අවශ්‍යතා සඳහා රඳවා ගෙන ජාතික පද්ධතියට මෙගාවොට් 810 ක් එක්කරනු ලබයි.

බලාගාරය සතුව මේ මස අවසන් වනතෙක් ගල්අඟුරු සංචිත පවතින අතර තවත් ගල්අඟුරු නැව් තුනක් ඇනවුම් කිරීමට කටයුතු කර ඇත. එම නැව් තුන මගින් ගෙනෙන ගල්අඟුරු තොගවලින් තවත් දින 25 ක් පමණ බලාගාරය පවත්වාගෙන යාමේ හැකියාව පවතී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment