නොරොච්චෝලේ යළි හුස්ම ගනී

106

දින හතකට පසු නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගොවොට් 600 ක් යළි ඊයේ (10 වැනිදා* සිට ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංවිම සාමාන්‍යාධිකාරී එම්. ආර්. රණතුංග මහතා ‘‘දිවයින’’ට පැවසීය.

ඉකුත් 03 වැනිදා ලංවිම ඉංජිනේරු සංගමය අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරතව සිටියදී රට පුරාම විදුලි බිඳවැටීමත් සමග නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය නතර විය.

ගල්අඟුරු දහනයේ දී බලාගාරයේ බොයිලේරු අධික ලෙස රත්වන බැවින් බලාගාරය සම්පූර්ණයෙන් අක‍්‍රීය වූ පසු එය සිසිල් වීමට දින කිහිපයක් ගතවීම නිසා ඉකුත් දින හතේදී ඇතැම් ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් කිරීමට සිදුවිය.

මෙම බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 900 කි. බලාගාර නවතින මොහොතෙත් ඉන් ජාතික විදුලි පද්ධතියට ගත්තේ මෙගාවොට් 600 ක් පමණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment