නොරොච්චෝලේ හෙට සිට යළිත් ජාතික පද්ධතියට

183

නොරොච්චෝල අක්‍රිය වූ තුන්වැනි බලාගාරයේ නඩත්තු කටයුතු අද (01 දා) අවසන් කිරීමෙන් පසු එහි නිෂ්පාදන විදුලිය හෙට (02 දා) සවස ජාතික විදුලි පද්ධතියට ලබාදීමට බලාගාර ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති.

පසුගිය 27 වැනිදා මෙම බලාගාරයේ බාහිර කොටසේ සිදුවූ වාෂ්ප කාන්දුවක් නිසා බලාගාරය අක්‍රිය කර එහි නඩත්තු කටයුතු සිදු කළ බවත් එහි හදිසි දෝෂයක් ඇති නොවුහොත් හෙට (02 දා) එහි නිපදවන මෙගාවොට් 270ක විදුලිධාරිතාවය ජාතික පද්ධතියට එක්කළ හැකි බවත් බලාගාර ඉංජිනේරුවරු පවසති.

මේ වන විටත් වසර 06කට වරක් සිදු කළයුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ 02 වැනි යන්ත්‍රය නවතා තිබෙන අතර එම යන්ත්‍රයද අලුත්වැඩියා කටයුතු සිදු කර එහි නිපදවන විදුලිය මේ මස 11 හෝ 12 දිනවලදී ජාතික පද්ධතියට එක් කරන බවද ඔවුහු පැවසූහ.

බලාගාරයේ යන්ත්‍ර 03 මගින් මෙගාවොට් 900ක විදුලියක් නිපදවන අතර ඉන් මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි. දැනට යන්ත්‍ර දෙකක් අක්‍රියව පවතින නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් එක් කිරීමට පියවර ගෙන තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment