නොවාක් ජොකොවිච් ඉන්නේ නීතියට උඩින් නොවෙයි – ඔස්ටේ‍්‍රලියානු නියෝජ්‍ය අගමැති

457

ලොව පිරිමි ටෙනිස් ක‍්‍රීඩකයන් අතර පළමු ස්ථානයේ පසුවන නොවාක් ජොකොවිච් කොවිඞ් එන්නත් ලබා නොගත්තේ ඇයි ද යන්න සම්බන්ධයෙන් සත්‍යය හෙළි නොකළහොත්, ඔහු ඔස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කළ යුතු යැයි එරට නියෝජ්‍ය අගමැති ප‍්‍රකාශ කරයි.

 ධනවත් පුද්ගලයන්ට ‘‘තමන් ඉන්නේ නීතියට උඩින් කියලා හිතාගෙන ලෝකේ වටේ ඇවිදින්න බෑ,” බානබි ජොයිස් ප‍්‍රකාශ කළේ ය.

 ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා පැමිණි ජොකොවිච්ට එරටට ඇතුළුවීමට අවසර නොලැබුණෙන්, ඔහු දැන් සංක‍්‍රමණික රැුඳවුම් භාරයේ පසුවෙයි. ඔහු එරටින් පිටුවහල් කරන්නේ ද යන්න අධිකරණ විසින් ජනවාරි 10 වැනි සඳුදා දිනයේ දී තීරණය වනු ඇති.

 තිස්හතර හැවිරිදි සර්බියානු ක‍්‍රීඩකයා, තමා එන්නත්කරණයට විරුද්ධ බව ප‍්‍රසිද්ධියේ පවසා තිබේ. මෙල්බර්න්හි පැවැත්වෙන තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා හෙළි නොකළ හේතූන් මත එන්නත නොගැනීමේ අවසරය ඔහුට ලබා දී තිබීම බොහෝ ඔස්ටේ‍්‍රලියානුවන් කෝපයට පත්කළ තීරණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment