නොවැක් ජොකොවික් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනයි

219

ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවික් සමත් විය. එ් අවසන් මහා තරගයේදී ගී‍්‍රක ටෙනිස් කී‍්‍රඩක ස්ටෙෆානොස් සිසිපාස් පරාජයට පත් කරමිනි.
 
 අවසන් මහා තරගයේදී පළමු වට දෙක ජය ගැනීමට ස්ටෙෆානොස් සමත්වුවද අවසන් තරග වට 3ම පිට පිටම ජය ගනිමින් ශූරතාව දිනා ගැනීමට ජොකොවික් සමත් විය.
 
 ජයග‍්‍රහණයෙන් පසු අදහස් දැක්වූ නොවැක් සියල්ල කළ හැකි බවත් කිසිවෙකුටත් කළ නොහැක්කක් නොමැති බවත් කියා සිටියේය. මේ වන විට 34 හැවිරිදි වියේ පසුවන නොවැක් ජොකොවික් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනු ලැබුවේ දෙවැනි වතාවටය.

advertistmentadvertistment
advertistmentadvertistment