නොවැම්බරයේ නිෂ්පාදන අංශයේ පසුබෑමක්

78

පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් පසුබෑමට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ අනුව ඔක්තෝබර් මස ඒකක 38.4 ක් වූ නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් නොවැම්බර් මාසයේදී ඒකක 42.1 ක් දක්වා දර්ශකාංක 3.7 කින් ඉහළ ගොස් ඇත.

නිෂ්පාදන කටයුතුවල සිදු වූ මෙම පසුබෑම සඳහා ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය හැර අනෙකුත් සියලුම උප දර්ශකයන්ගේ පහත වැටීම හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව නව ඇණවුම් සහ නිෂ්පාදන නොවැම්බර් මාසයේදී ද පහත වැටුණු අතර, මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන සහ රෙදිපිලි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා වන ඉල්ලුම පහළ යෑම හේතු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment