නොවැම්බරයේ සෑම දිනකම දිල්ලියේ වායු දූෂණය නරක මට්ටමක

132

වසර හයක කාලයකට පසු ඉන්දියාවේ අගනුවර වන දිල්ලි නගරයේ වායු දූෂණය ඉකුත් නොවැම්බර් මාසයේ සෑම දිනකම නරක මට්ටමක පැවති බව ඉන්දියාවේ මධ්‍යම වායු දූෂණ පාලක මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ දත්ත වාර්තාවලට අනුව ඉකුත් නොවැම්බර් මාසයේදී දිල්ලි නගරයේ වායු ගෝලය දූෂණය වී නොතිබූ එකම දිනක් හෝ තිබී නොමැති අතර මෙය වසර හයක කාලයකට පසු දිල්ලි නගරයේ වායු දූෂණය නරක මට්ටමේ පැවති එකම නොවැම්බර් මාසය වේ.

ඉකුත් නොවැම්බර් මාසයේ දින 30 පුරාම පැවති වායු දූෂණය දින 11 ක කාලයක් දරුණු මට්ටමෙන් තිබී ඇති අතර මෙයට පෙර එවැනි තත්ත්වයක් නගරයෙන් වාර්තා වී තිබුණේ 2016 වසරේ නොවැම්බර් මාසයේදීය. එම මාසයේ දින 10ක කාලයක් නගරයේ වායු දූෂණය නරක මට්ටමේ පැවතී තිබේ. අධික වායු දූෂණය හේතුවෙන් දිල්ලි නගරය දූෂිත වායූන්ගෙන් සැදුනු ඝන මීදුම් පටලයකින් වැසී පවතින අතර ඉකුත් නොවැම්බර් මාසයේ නගරය තුළ මෙවැනි අධික වායු දූෂණයක් පැවතීමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යාබද ප‍්‍රාන්තවල ගොවීන් විසින් සිය අස්වැන්නෙන් ඉවත් කරන කොටස් ගිනි තැබීමෙන් පරිසරයට නිකුත් වූ අහිතකර වායූන් හා දීපවාලි උත්සවය වෙනුවෙන් ජනතාව දැල්වූ අධික

ගිනිකෙළි තොගය බව විශේෂඥයෝ පවසති. නාසා ආයතනය විසින් ලබාගත් චන්ද්‍රිකා ඡුායාරූපවලට අනුව ඉකුත් ඔක්තෝබර් මස 01 වැනිදා සිට නොවැම්බර් මස 28 වැනිදා දක්වා කාලයේදී යාබද පන්ජාබ්, හර්යානා හා උත්තර් ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවල අස්වැන්නෙන් ඉවත් කරන කොටස්වලට ගිනි තැබූ අවස්ථාවන් 90,984ක් වාර්තා වී තිබී ඇත. දිල්ලි නගරයේ වායු දූෂණය හේතුවෙන් නගරවාසීන් රැුසක් විවිධ ශ්වසන අපහසුතාවන් පිළිබඳව පැමිණිලි කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment