නොවැම්බර් ලංවිම ආදායම කෝටි 200 කින් නගී

123

පසුගිය අගෝස්තු 09 වැනිදා විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග ලංකා විදුලිබල මණ්ඩලය ඔක්තෝබර් මාසයට සාපේක්‍ෂව නොවැම්බර් මාසයේ ලද ආදායම රුපියල් කෝටි දෙසීයකින් (බිලියන 2) ඉහළ ගොස් ඇත.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී රුපියල් කෝටි 3360 (බිලියන 33.6) ක්වූ ලංවිම ආදායම නොවැම්බර් මාසයේදී රුපියල් කෝටි 3560 දක්වා වැඩිවී තිබේ.

විදුලිය අලෙවි කර මෙපමණ ආදායමක් ලැබුවත් ලබන වසරේ ජනවාරි මාසයේදී ඩීසල් හා නැප්තා බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3500 ක්ද (බිලියන 35) ගල්අඟුරු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3845ක්ද (බිලියන 38.45) වැයකිරීමට සිදුවී ඇත.

මෙම ආදායම සහ වියදම් විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සිය ට්විටර් පණිවුඩයක් මගින් දන්වා තිබේ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment