නොවැම්බර් 17න් රනිල්ගේ කාලේ ඉවරයි – ලාල් කාන්ත

92

ජනතා ප්‍රතික්ෂේපයෙන් පැමිණ සිටින ජනාධිපති රනිල් කොච්චර උත්සාහ කළත් ඔහුගේ කාලය නොවැම්බර් 17 න් අවසන් වන බවත් ඒ අනුව සැප්තැම්බර් 17 ත් ඔක්තෝම්බර් 17 ත් අතර කාලයේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනපතිවරණයක් පැවැත්විය යුතු බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මැතිවරණ කල්දැමීම උදෙසා සහාය වෙමින් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා අත් ඔසවන මන්ත්‍රීවරුන්ට ඉදිරියේදී ජනතාව හමුවට නොගොස් සැඟවී ඉන්නට සිදුවන බව ද හෙතෙම කීවේය.

රටේ ජනතාව පවතින පීඩාකාරී පාලනයෙන් මිදීම සඳහා මැතිවරණයක් පැමිණෙන තෙක් බලා සිටින බව ද ලැබෙන පළමු අවස්ථාවේම ජනතාව විසින් මොවුන් පළවාහරින බවට විශ්වාසයක් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment