නොහැකියාව වසා ගන්න ආණ්ඩුව කැබිනට් වෙනසකට සැරසෙනවා – ටිල්වින් සිල්වා

167

ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීම සඳහා කැබිනට් සංශෝධනයක් කිරීමට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (02 වැනිදා* පැවසීය.

ඇමැතිවරුන් සහ ලේකම්වරුන් මාරු කර වැටී ඇති රට ගොඩගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකි බව කී හෙතෙම රට ගොඩගැනීමට සියලූ හොරු කණ්ඩායම් එළවා ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් කීය. රටට මේ මොහොතේ ලොකු වෙනසක් අවශ්‍ය බවත් අසමත් පාලනයෙන් ජනතාව මිදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ජන බලවේගය මේ රට ගොඩනැගීම සඳහා පැහැදිලි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර ඇති බව කී හෙතෙම, පෝලිම් යුගය නිමා කර රටේ ¥ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යෑමට ඉඩ නොතබන ආණ්ඩුවක් තැනීමට සිය බලවේගය සූදානම් බවත් වැඩිදුරටත් කියා සිටියේය.

ටිල්වින් සිල්වා මහතා ඊයේ එම අදහස් පළකළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment