නොහික්මුණු වෑන් රියැදුරා කුඩාඔය බුරුත හන්දියේදී  යුවළක් බිලිගනී

217

මියගිය කත නවමස් ගැබිනියක් – කුස තුළ සිටි බිළිඳාත් මියගිහින්

මොනරාගල-වැල්ලවාය මාර්ගයේ බුත්තල කුඩාඔය බුරුත හංදිය අසලදී පෙරේදා (17දා) සවස සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.

නොහික්මුණු වෑන් රියැදුරා කුඩාඔය බුරුත හන්දියේදී  යුවළක් බිලිගනී

මෙලෙස මියගොස් ඇත්තේ බුත්තල කුඩාඔය පදිංචි පුද්ගලික ආයතනයක සේවය කරන නාලක මධුරංග (42) නමැති අය සහ ඔහුගේ බිරිඳ වන සඳුනි දිලානි ධර්මරත්න (35) යන දෙදෙනායි.

බිරිඳ නවමස් ගැබිනියකි.

මෙම යුවළ බුත්තල තම නිවසේ සිට වැල්ලවාය දෙසට පාගමනින් යමින් සිටියදී බුත්තල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඔවුන් දෙදෙනා යටකරගෙන පළාගොස් ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළ බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති අතර කාන්තාවගේ කුස තුළ සිටි දරුවාද මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පසුව පොලිසිය මඟින් අනතුර සිදුකළ වෑන් රථය කුකුරම්පොළ ප්‍රදේශයේ සඟවා තිබියදී එහි රියදුරු ලෙස කටයුතු කළ ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය පිළිබඳව බුත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මියගිය අයගේ මරණය පිළිබඳ පරීක්ෂණ ඊයේ (18දා) පැවැත්වීමට නියමිතව තිබිණි.

බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment