නෝර්වේහි දුණු ඊතල ප‍්‍රහාරයකින් පස්දෙනෙක් මරුට

497

නෝර්වේ හි කොන්ග්ස්බර්ග් නගරයේදී ඊයේ දුනු ඊතළ යොදාගෙන එල්ල කළ මාරක ප්‍රහාරයකින් එරට පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ප්‍රහාරය කොන්ග්ස්බර්ග් නගරයේ පුළුල් කලාපයක් ඉලක්ක කර සිදුකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය විශ්වාසය පළකරන්නේ ඔහු තනිව ප්‍රහාර එල්ල කර ඇති බවය.ඒ අනුව ඊතළ ප්‍රහාර එල්ල වී තිබුණේ ස්ථාන කිහිපයකදීය.

එමෙන්ම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද යන්න සොයා විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර පවතින ආරක්ෂක අවදානම සලකා රටපුරා අවිගත් පොලිස් නිලධාරීන් යෙදවීමට රජය පියවර ගෙන තිබේ.

නෝර්වේ රාජ්‍යය තුළ සාමාන්‍ය යෙන් රාජකාරිවල නිරතවන්නේ අවි නොගත් පොලිස් නිලධාරීන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment