නෝර්වේ දුනු ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක්

593

නොර්වේ රාජ්‍යයේ සුපිරි වෙළඳසැලකදී ඉකුත් බදාදා රාත‍්‍රියේ 05 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ මාරාන්තික දුනු ප‍්‍රහාරය ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව පෙනී යන බව නොර්වේ ආරක්ෂක අංශ විසින් නිවේදනය කර තිබේ. දුන්නක් හා ඊතල යොදා ගනිමින් සිදු කර ඇති මෙම ප‍්‍රහාරය සිදු කළ බවට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති 37 හැවිරිදි ඩෙන්මාර්ක ජාතික එස්පෙන් ඇන්ඩර්සන් බ‍්‍රාතෙන් ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති අයෙකු බව අනාවරණය වී ඇති අතර ඔහු රැුඩිකල්වාදී මත දරන්නෙකු බවට පොලිසිය සැක පළ කරයි.

 කෙසේ වුවද මොහුගේ ක‍්‍රියාවට මුල් වූ හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය කරගෙන නොමැත. නොර්වේ රාජ්‍යයේ දකුණුදිග නගරයක් වන කොන්ග්ස්බර්ග් නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලකදී අදාළ සැකකරු විසින් දුන්නෙන් ඊතල විදීමෙන් කාන්තාවන් 04 දෙනෙකු හා එක් පිරිමියෙකු මරා දමා ඇති අතර තවත් දෙදෙනකුට තුවාල සිදු කර තිබේ. ප‍්‍රහාරයෙන් මියගිය පිරිස වයස අවුරුදු 50 -70 අතර පසු වූ බව හෙළි වී තිබේ. අත්අඩංගුවට පත් සැකකරු ඊයේ (15දා* උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර, මෙම අනපේක්ෂිත දුනු ප‍්‍රහාරය හේතුවෙන් කොන්ග්ස්බර්ග් නගරයේ වැසියෝ දැඩි කම්පනයට පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment