පංචෝ විලා – කාටූන් කියැවීම

224
pancho1

පංචෝ විලා යනු (Pancho villa) 1913 සිට 1914 දක්වා මෙක්සිකෝවේ චිහුවා ආ හි තාවකාලිකව ආණ්ඩුකාරවරයාද වී, 1914 ජූලි මාසයේදී මෙක්සිකෝවේ ජනාධිපතිවරයා වූ වික්ටෝරියානෝ හුවර්ටා ධුරයෙන් නෙරපා හැරීමට තුඩුදුන් තීරණාත්මක මිලිටරි ජයග‍්‍රහණයට නායකත්වය දී ගෞරවය හිමිකරගත් තැනැත්තාය. මෙක්සිකානු විප්ලවය, සකාටෙකස් සටන, අගුවා ප‍්‍රීටා සටන, පළමු නොගල්ස් සටන, ගුවෙරෙරෝ සටන, සෙලයා සටන, කොලොම්බස් සටන, සහ තුන්වැනි සියුඩාඞ් ජුමෙරෙන් සටන ආදියට සහ තවත් බොහෝ සටන්වලට ඔහු සහභාගිවී ඇත.

pancho2

1878 ජුනි 5 වැනි දින මෙක්සිකෝවේ ඩුරැුන්ගෝ නගරයේ සැන්ජුවන් ඩෙලිරියෝහි ලාකොයෝටාඩාහිදී උපත ලැබූ පංචෝ විලාගේ මුල් නම වූයේ ‘‘ජොසේ ඩොරේටි ඕ අරන්ගෝ අරම්බුල’’ ය. (Jose Doroteo Arango Arambula) ඔහුගේ පියා ඇගුස්ටින් අරන්ගෝ නම් කොටස්කරුවෙකු වූ අතර මව වූයේ මයිකල් අරම්බුලය. ඔහුගේ පවුලේ වාසන්ථානය සැන්ජුවාන් ඩෙල්රියෝ වූ අතර (sanjuan Del Rio) එම නිවස ිපිහිටි භූමිය දැන් ‘කැසාඩි පංචෝ විලා’’ Casa De Pancho villa නම් ඓතිහාසික කෞතුකාගාරයක් වශයෙන් වර්තමානයේදී පවත්වාගෙන යයි.

 දරුවන් පස් දෙනකුගෙන් යුතු පව්ලක වැඩිමලා වූ ඩොරාටෝ පියාගේ මරණින් පසු මවට උපකාර කිරීමට පාසලෙන් ඉවත් වූ අතර එක්සත් ජනපද දුම්රිය සමාගමක කොටස්කරුවකු, ගඩොල් කපන්නෙකු හා ෆෝමන්වරයකු ලෙස සේවය කළේය. මේ කාලයේදී ඔහු තමාගේ නම ‘මෙමොරියස් ඩි පංචෝ විලා (Memorias De Pancho vila) යනුවෙන් හඳුන්වා ගත් අතර 16 වැනි වියේදී නැවත ගමට ගිය ඔහු තම සහෝදරිය දූෂණය කළ විශාල ගොවිපළක් හිමිකරුවෙකු වූ අගෝස්තින් ලූසන් නෙගරේටි ඝාතනය කර අශ්වයකු සොරකම් කර ඩුරැන්ගෝ හි කඳුකරයේ සැරිසැරූ අරන්ගෝ නම් කොල්ලකරුවන් සමග එකතුවිය.

 1902 දී පංචෝව පොලිස් බළකායන් විසින් අත්අඩංගුවට ගත් අතර බලහත්කාරයෙන් ෆෙඩරල් හමුදාවට ඇතුළත් කරන ලද්දේ ප‍්‍රදේශයේ බළවතෙකු වූ පැබ්ලෝ වැලෙන්ෂුවෙලාගේ මැදිහත්වීම මත නිදහස ලැබීමෙන් පසුවය. මාස කිහිපයකට පසු පංචෝ හමුදාව අත්හැර අසල්වැසි රාජ්‍යයක් වූ විහුවා වෙත පැන ගියේය. 1903 දී ඔහු හමුදා නිලධාරියෙකු ඝාතනය කර අශ්වයකු සොරකම් කිරීමෙන් පසු ඔහු ‘ෆ්රැුන්සිස්කෝ පංචෝවිලා’’ (Francisco pancho vila) යනුවෙන් තමාව හඳුන්වා ගත්තේය.

 1910 දී මෙක්සිකෝ විප්ලවය ආරම්භ විය. එය ඇරඹුණේ ජනපති පොර්ෆිරියෝ ඩියාස්ට, ෆ‍්‍රැන්සිස්කෝ මැඩෙරෝ අභියෝග කළ අවස්ථාවේදීය. 1910 නොවැම්බර් 20 දින ඩියාස් තමා මෙක්සිකෝවේ තාවකාලික ජනපති බවට පත් කළේ මැතිවරණයකින් පසුවය. මැතිවරණ විරෝධී නායකයකු වූ ඒබ‍්‍රහම් ගොන්සාලෙස් පංචෝ විලා වෙත ගොස් ව්‍යාපාරයට සම්බන්ධ විය. පංචෝ විසින් ෆෙඩරල් හමුදා සොල්දාදුවන්, දුම්රියක් සහ සැන් ඇන් ඩෙ‍්‍රස් නගරය අල්ලා ගත්තේය. ඔහු නායිකා කැමර්ගෝ සහ පිලාර් ඩි කොන්වෝස් යන නගරවල ෆෙඩරල් හමුදාව පරාජය කළ අතර ටෙකොලොව්හිදී පංචෝ පරාජය විය. මෙම බොහෝ සටන් සිදුවූයේ එක්සත් ජනපද දේශ සීමාව අසල මොක්සිකෝවේ උතුරු ප‍්‍රදේශයේය. ජනපති ඩියාස් 1911 මැයි 25 වැනිදා ඉල්ලා අස්විය.

 පන්චෝ මැඩරෝගේ හමුදා සේවයට බැඳුණු අතර පසුව ජෙනරාල් වික්ටෝරියානෝ හුවර්ටාගේ අණ යටතේ උපාය මාර්ගික නගරයක් වන ටොරියන්හි හමුදාවට බැඳුනේය. හුවර්ටා පංචෝව ෆෙඩරල් හමුදාවේ බි‍්‍රගේඩියර් ජෙනරාල්වරයකු ලෙස නම් කර තම පාලනය යටතට ගැනීමට උත්සාහ කළත් පංචෝ එයට කැමැති නොවීය. හුවර්ටා පසුව පංචෝ අශ්වයකු සොරකම් කළ බවට චෝදනා කළේය. පංචෝ හුවර්ටාට පහර දුන් අතර අකීකරුවීම හා සොරකම් කිරීම සම්බන්ධ පංචෝට මරණ දණ්ඩනය නියම කළේය. වෙඩි තැබීමේ කණ්ඩායම පංචෝව ඝාතනය කිරීමට ආසන්ව සිටියදී ජනපති මැඩරෝ පංචෝව මරණයෙන් බේරා සිරගත කළේය. බෙලම් බන්ධනාගාරයේ සිරගතව සිටියදී මොරලොස්හි විප්ලවවාදී නායකයා වූ එමලියානෝ් සපාටාගේ අනුගාමික ගිල්ඩාර් ඩෝ වාගනා පංචෝට කියවීම හා ලිවීම ඉගැන්වීය. 1912 නත්තල් දිනයේදී පංචෝ බන්ධනාගාරයෙන් පැන ගියේය. මේ අතර 1913 පෙබරවාරි මාසයේදී මැඩරෝව ඝාතනය කරන ලද අතර හුවර්ටා ජනපති විය. 1913 – 1914 පංචෝ දුම්රිය මංකොල්ලකරුවකු වැනි ක‍්‍රම උපයෝගි කර ගනිමින් මුදල් රැුස් කළේය. 1913 දී ප‍්‍රාදේශීය හමුදාපතිවරු පංචෝව විහුවාආ ප‍්‍රාන්තයේ තාවකාලික ආණ්ඩුකාරවරයා ලෙස තෝරා ගත්තේය.

 පංචෝ විලාගේ යුද උපක‍්‍රම එක්සත් ජනපදය විසින් අධ්‍යයනය කරන ලද අතර හොලිවුඩය පංචෝ සමග ගිවිසුමක් ඇති කරගෙන එමගින් හොලිවුඩයේ පංචෝගේ කතා ඇතුළත් චිත‍්‍රපට රූගත කිරීමට ඉඩ සැලසූ අතර ඉන් ලැබෙන ලාභයෙන් 50%ක් විප්ලවයට සහාය දැක්වීම සඳහා පංචෝ වෙත ගෙවනු ලැබීය.

 විහුවාආ හි ආණ්ඩුකාරවරයා වශයෙන් සිටියදී පංචෝ හුවර්ටාගේ ෆෙඩරල් හමුදාවට එරෙහිව වැඩ කිරීමට මුදල්  රැස්කර තම හමුදාවට අශ්වයින්, අශ්වාරෝහකයින්, ආයුධ, පතරොම්, ජංගම රෝහල් (ඒවා දුම්රියක සහ වැගන් රථවල) ලබා දුන්නේය. ඔහු ‘ඩෙල්නෝර්ට්’ (උතුරු හමුදාව) නමින් විශාල, බියකරු බලවත්, හමුදා ඒකකයක් සැදුවේය. 1914 ජුනි මාස 14 වැනි දින හුවර්ටා රටහැර ගියේය. හුවර්ටා නෙරපා හැරීමෙන් පසු විප්ලව කණ්ඩායම් අතර බල අරගල ඇතිවිය. කරන්සා ඒකාධිපති පාලනයක් පැනවීමට අදහස් කරතැයි බියවූ පංචෝ සහ සපාටා ඔහුගෙන් ඈත් විය. කරන්සාගේ හමුදාව මෙක්සිකෝ නගරය අත්පත් කර ගත්තේය. පංචෝ සමග සටන් කිරීමට කරන්සා ජෙනරාල් ඔබ්‍රොගන් උතුරට යවා සටන් මාලාවක් කර පංචෝව පරාජය කළේය. පංචෝගේ හමුදාවේ මිනිසුන් 200 පමණ ඔහුට පක්ෂව නැවත විහුවාආ කඳුකරයට පැමිණියේය. 1916 මාර්තු 9 දින ජෙනරාල් පංචෝ විලා විප්ලවවාදී කණ්ඩායම් යොදවා නිව් මෙක්සිකෝවේ කොලොම්බස් නගරයේ දේශ සීමාවලට ප‍්‍රහාර එල්ල කළේය. එක්සත් ජනපද හමුදාව ඉතිහාසයේ ප‍්‍රථම වරට ගුවන් යානා සහ ට‍්‍රක් රථ භාවිතා කරමින් 1917 පෙබරවාරි දක්වා පංචෝව ලූහුබැඳ ගියේය. එහෙත් පංචෝව සෙවීම අසාර්ථක විය. 1916 මාර්තු 9 වන දින සිට පංචෝව අල්ලා ගැනීමට මුල්වී ක‍්‍රියා කළේ එක්සත් ජනපද ජෙනරාල් ජොන් ජේ. පර්ෂිංය. පංචෝ ඔහුගේ ගරිල්ලා හමුදාව සමග උපක‍්‍රම යොදා ගනිමින් පර්ෂිංගේ ප‍්‍රහාර මඟ හැරියේය. මේ අතර එක්සත් ජනපදය පළමුවැනි ලෝක යුද්ධයට අවතීර්ණ වූ අතර පර්ෂිං වෙනත් රාජකාරියක් සඳහා නැවත තම රටට කැඳවීය.

 1920 දී පංචෝ කරන්්‍යාව නෙරපා හැර ඔහුගේ මරණයෙන් පසුව එදිරිවාදිකම් අවසන් කොට මෙක්සිකානු රජය අමතා ගිවිසුම අත්සන් කළේය. ඒ 1920 ජූලි 22 දින අතුරු ජනපති ලෙස ඇඩොල්ෆෝ ඩි ලා හුවර්ටා පත්වීමෙන් පසුවය. හුවර්ටා – පංචෝ ගිවිසුම අනුව පංචෝට අක්කර 25000ක් ලබා දුනනේය. පංචෝගේ ගරිල්ලන් 200කට විශ‍්‍රාම වැටුප් අනුමත කළේය. ඒ අතර රන් පෙසෝ

 500000 ක්ද ලැබිණ. පංචෝගේ අශ්වාරෝහක ගරිල්ලන් 50 දෙනාම ඔහුගේ පුද්ගලික ආරක්ෂකයන් ලෙස සේවය කිරීමට අවසර ලබා දුන්නේය. ජනාධිපතිවරණය ළඟා වෙත්ම 1923 දී පංචෝ නැවත මෙක්සිකානු දේශපාලනයට අවතීර්ණ විය.

 1923 ජූලි 20 වැනි සිකුරාදා දින පංචෝ විලා තම කැනුටිලෝ ගොවිපලේ කාර්ය මණ්ඩලයට ගෙවීම සඳහා දේශීය බැංකුවකින් රන් තොගයක් ගැනීමට පාර්රල් නගරයට ගියේය. පංචෝ සමග සාමාන්‍යයෙන් ආයුධ සන්නද්ධ ආරක්ෂකයින් විශාල පිරිසක් පැමිණේ. එහෙත් යම්කිසි නොදන්නා හේතුවක් නිසා ඔහු බොහෝ දෙනා නොමැතිව නගරයට ගොස් ඇති අතර ඔහු රැගෙන ගොස් ඇත්තේ ආරක්ෂකයන් තිදෙනෙක් සහ ගොවිපොළ සේවකයින් දෙදෙනෙක් පමණි. ඔහු තම 1919 අංක දරණ කළු පැහැති ඩොජ්ටුවරින් මෝටර් රථයෙන් නගරය හරහා ආපසු එමින් සිටියදී වට්ටක්කා වෙළෙන්දෙක් ඔහුගේ මෝටර් රථය ඉදිරිපිටට පැමිණ ‘විවා විලා’ (Viva villa) යනුවෙන් කෑ ගැසුවේ රයිෆල්කරුවන් සත්

 දෙදෙනකුගෙන් යුත් කණ්ඩායමකට සංඥාවක් වශයෙනි. මෝටර් රථයට සහ පංචෝ ඇතුළු පිරිසට රයිෆල් වෙඩි උණ්ඩ 40කට වඩා වැදී තිබුණි. වෙඩි උණ්ඩවලින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූ රමොන් කොන්ටෙරාස් දරුණු ලෙස තුවාල ලැබූ නමුත් ඝාතකයින් පැන යෑමට පෙර ඔහු තැබූ වෙඩි වලින් එක් ඝාතකයෙක් මරුමුවට පත්විය. පංචෝ විලාගේ හිසට සහ පපුවට වෙඩි උණ්ඩ නවයක් වැදී තිබුණි.

 ඊළඟ දවසේදී පංචෝ විලාගේ අවමඟුල පවත්වන ලද අතර ඔහුගේ ආධාරකරුවන් සහ මහජනතාව දහස් ගණනක් සුසාන භූමියට පැමිණ සිටියේය. රජයේ හමුදා විසින් ඝාතකයින් සයදෙනා ඉක්මනින්ම අල්ලා ගන්නා ලදී. පංචෝ සමඟ ආරවුල් ඇතිකරගත් ජෙසීස් හෙරේරාගේ පවුල ඝාතනය පිටුපස ඇති බවට රාවයක් පැතිර ගිය අතර, 1924 මැතිවරණය ළඟා වෙත්ම නැවත පංචෝ දේශපාලනයට පිවිසීම ගැන ප‍්‍රසිද්ධියේ කතාකිරීම නිසා ඔහු ඝාතනයට ලක්වූ බවටද ආරංචි පැතිර ගියේය.

 එහෙත් ඝාතනයට වගකිවයුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මෙක්සිකානු නැපෝලියන්, උතුරේ සිංහයා යන අන්වර්ථ නාම වලින්ද හැඳින්වූ පංචෝ විලා කාන්තාවන් කිහිප දෙනෙකු සමග දිගුකාලීන සබඳතා ද පවත්වා ඇත. ඔස්ටෙ‍්‍රබර්ටා රෙන්ටරියා ඔහුගේ වාසස්ථානයේ නිල බිරිඳ වූ අතර පංචෝට ප‍්‍රැන්සිස්කෝ සහ හිපලිටෝ යනුවෙන් පුතුන් දෙදෙනෙක් විය. පංචෝ අවලංගු කිරීමෙන් හෝ දික්කසාදයක් ලබා නොගෙනම විවාහ කිහිපයක්ම සිදුකරගෙන ද ඇත. ඔහුට තවත් දරුවන් සිටී. පංචෝ මිය ගිය පසු ඔහුගේ නිවස

 කෞතුකාගාරයක් බවට පත්කර ඇති අතර මෙක්සිකෝවේ බොහෝ ස්ථාන කිහිපයක් ඔහුගේ නමින් නම්කර ඇත. අද ඔහු මෙක්සිකෝවේ යුධ වීරයෙකි.

 විලියම් ඇලන් රොජර්ස් (William Allen Rogers) නම් කාටුන් ශිල්පියා විසින් 1916 නොවැම්බර් 26 වැනි දින ඇමරිකාවේ ‘නිව්යෝර්ක් හෙරල්ඞ්’’ පුවත්පතට නිර්මාණය කරන ලද කාටුනයේ දැක්වෙන්නේ මෙක්සිකෝ – ඇමරිකානු යුද්ධය අතරතුරදී පංචෝ විලා සහ ඇමරිකානු ජෙනරාල්වරයකු වූ ජොන් හර්ෂිං ය. කාටුනයේ දැක්වෙන පරිදි ජෝන් හර්ෂිංව පතොක් ගසකට තබා බැඳ දමා ඇත. ඒ ඉදිරිපිටට පංචෝ විලා පැමිණ ඇත. පංචෝගේ වම් කකුල යුද්ධයේදී තුවාලවී ඇති බැවින් එය පටිවලින් ඔතා ඇති අතර ඔහුගේ කලිසමේ යටම කොටසද කපා පළා දමා ඇත. පංචෝ කිහිලි කරුවකු ආධාරයෙන් ගමන් කරන බව ද පෙනේ. පංචෝගේ ඇඟ පුරාම කඩු, කිරිච්චි, පිස්තෝල එල්ලා ඇත. උරහිසේ සිට බඳ හරහා පතරොම් පටියද ඇත. පංචෝගේ උඩ ඇඳුමේ ‘විලා මරණය හෝ ජීවත්වීම’ (Villa Dead or Alive) යනුවෙන්ද ලියා ඇත. හර්ෂිංව දුටු පංචෝ තම කඩුව උඩ දමමින් හර්ෂිංට සමච්චල් කරමින් සිනහවෙන බව පෙනේ. පසුබිමින් ගිනි කන්දක් විදාරණය වී දුම් දමමින් පවතී. කන්දේ එක් පෙදෙසක මෙක්සිකානු සොල්දාදුවන් කිහිප දෙනෙක් මේ දෙස බලමින් සිටින බවට ද දැකගත හැක. ගිනිකන්ද මෙක්සිකෝ – ඇමරිකා ගැටුමේ පුපුරා යෑම සංකේතවත් කරයි.

– රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment