පංති භේද සිඳලන ආදර කතාව ‘විදූ’

163

”පුංචි වළව්ව’’ හා ”ඉඩෝර වැස්ස’’ වැනි සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ප‍්‍රවීණ කෙටි චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කරන ”විදූ” ටෙලි නාට්‍යයේ රූගත කිරිම් පසුගියදා ඇරඹිණි.

”ඔබේ ආදරයෙන් මිදුනේ නෑ මගේ හිත” යන තේමාව ඔස්සෙ නිර්මාණය වන ”විදූ”හි කතාව ගලා යන්නේ ධන කුවේර පවුලක හැදී වැඩුණු කෙළිලොල් නිදහස් ජීවිතයක් ගත කරන තරුණියකගේත්, ස්වෝත්සාහයෙන් නැගී සිටීමට උත්සහ දරන නිර්ධන පාන්තික අහිංසක තරුණයකුත් වටාය. පේ‍්‍රමය, ත‍්‍රාසය, භීතිය හා කුතුහලය මනාව කැටි වූ විදූ කතාවේදී, සමාජ පන්තිභේදවල උස් පහත්භාවය මුල් වී ආදරයක් දළුලා වැඩෙන්න ඉඩ හරී ද? නැද්ද? අරුත්බර ආදරයට වටිනාකමක් එක් කරන්නට හැකි වේවි ද? යන සෑම ප‍්‍රශ්නයකටම ඔබට පුංචි තිරය ඔස්සේ බලාගන්නට හැකි බව ”විදූ” අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර පවසනවා.

ගීත්මා බණ්ඩාර, ආකාශ් රත්නායක, සංගීත් ප‍්‍රභූ, නිල්මිණි කෝට්ටගොඩ, දෙව් සුරේන්ද්‍ර, නදීශා අලහප්පෙරුම, කස්තුරි ජයවර්ධන, ඉරේෂා රණසිංහ, ශිහාන් මදූෂ හා ඉඳුනිල් අතපත්තු ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් ”විදූ” හැඩ වී ඇත.

  • ඕ.ටී. පාරමී
advertistmentadvertistment
advertistmentadvertistment