පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය නැහැ

698

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් කිසිවෙක් සහභාගි වී නැත. මෙම රැස්වීම සඳහා වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී නොමැත. සහභාගි වී ඇත්තේ එම්. ඒ අතාවුල්ලා, රාවුෆ් හකීම් ,වාසුදේව නානායක්කාර වීරසුමන වීරසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල ,අනුර කුමාර දිසානායක මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්ද , රංජිත් මද්දුමබණ්ඩාර, ටිරාන් අලස් ගයන්ත කරුණාතිලක, පී රාධා ක්‍රිෂ්ණන් අංජන රාමනාදන් , ගෙවිදු කුමාරතුංග උදය ගම්මන්පිල ,එම් ඒ සුමන්තිරන් යන මහත් වූ පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment