පක්ෂ පාට නැතිව වෙනසක මගකට කොළඹ පුංචි මන්ත්‍රීවරියන් එක්වී

176

පැෆරල් සංවිධානය විසින් දේශපාලනයේ නියුතු කාන්තාවන් බලගැන්වීම සඳහා “වෙනසකට මගක්” යනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. දේශපාලනයේ නිරත කාන්තාවන්ගේ දැනුම, ආකල්ප සහ කුසලතාවලින් සන්නද්ධ කරවීම මෙම වැඩසටහනෙහි පරමාර්ථය වේ. ඒ මග යමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දිගු කාලයක සිට නොවිසඳුණු රෝහල් පරිශ්‍රයේ වැසි ජලය බැස යෑමේ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගන්නා ලදී. මෙම මන්ත්‍රීවරියගේ මැදිහත්වීමෙන් රෝහල් පරිශ්‍රයේ වැසි ජලය බැස යෑමේ කාණු පද්ධතිය නවීකරණය නොවුණ අතර ඊට සමගාමීව රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමද සිදු කෙරිණි. පක්ෂ පාට භේදයකින් තොරව මෙම කර්තව්‍යයට හොඳින් පළාත් පාලන මන්ත්‍රීවරියන් සහභාගිවූ අතර එම අවස්ථාවට පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙන්ම වෛද්‍යවරු සහ රජයේ නිලධාරීන්ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සහභාගි වූ කොළඹ මහ නගර සභාවේ එජාප මන්ත්‍රී යූ. සඳමාලි, ශ්‍රීලනිප මන්ත්‍රී දීපා එදිරිසිංහ, කඩුවෙල නනගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී කුමාරි පතිරගේ, කැස්බෑව නගර සභාවේ හිටපු ශ්‍රීලනිප මන්ත්‍රී සුජීවා චන්ද්‍රසිරි, හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී උදේශි ගුණරත්න, බොරලැස්ගමුව නගර සභාවේ එජාප මන්ත්‍රී සුජීවනී නානායක්කාර, මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී සාවිත්‍රි ගුණසේකර, කෝට්ටේ නගර සභාවේ එජාප මන්ත්‍රී හර්ෂණී සඳරුවනි සහ සමාජ ක්‍රියාකාරිනී අයේෂා රිල්වාන් යන මහත්මීන් සමූහ ඡායාරූපයක පෙනී සිටි අයුරු.

ඡායාරූපය – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment