පක්ෂ 07ක් අද පාර්ලිමේන්තුවට කැඳවයි

226

මැතිවරණ හා ඡන්ද විමසීම් සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් අද (28) පස්වරු 02ට පාර්ලිමේන්තුවට කැඳවා ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව මේ වනවිට ආරාධනා කර ඇති පක්ෂ අතුරෙන් ලිබරල් පක්ෂය, අකිල ඉලංගෙයි ද්‍රවිඩ මහා සභාව, තෙමල සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ සහ සමත්තුවකච්චි පක්ෂය තම සහභාගිත්වය ස්ථීර කර ඇතැයි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මෙතෙක් තම සහභාගීත්වය තහවුරු කර නොමැති පක්ෂ වන්නේ මවුබිම ජනතා පක්ෂය සහ එක්සත් සාම සන්ධානයයි.

විදේශ කටයුතු අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් යුත් මෙම කමිටුව අද පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment