පක්‍ෂ 10න් රතන හිමි හා තිස්ස විතාරණ නම් කරයි

263

සර්ව පාක්‍ෂික සමුළුව නියෝජනය කිරීම සඳහා පක්‍ෂ 10 සන්ධානයේ නියෝජිතයන් ලෙස අතුරලියේ රතන හිමියන් සහ මහාචාර්ය තිස්ස විතාරණ මහතා නම් කළ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ගම්මන්පිල මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ පසුගිය (20 දා* පැවැති පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජන සභාව අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. ‘සර්ව පාක්‍ෂික සමුළුව කැඳවා තිබෙන්නේ අපත් සමග මේ දිනවල සහයෝගයෙන් වැඩකරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනාවකට අනුව. ඒ නිසා අපේ සන්ධානය ඇතුළේ බෙදීමක් ඇති වෙන්න බැහැ. සර්ව පාක්‍ෂික සමුළුව ඉල්ලපු එක හොඳයි. යෝජනාව නරක නැහැ. ආණ්ඩුව කරන ක‍්‍රමවේදයේ තමයි වැරැුද්ද තිබෙන්නේ. මේක කැඳවීමට කලින් කළ යුතු දේවල් කරලා නෑ. එම නිසා සන්ධානයේ පක්‍ෂ 10 නියෝජනය කිරීම සඳහා පක්‍ෂ දෙකක නායකයන් පමණක් යැවීමට තීරණය කළා’

එරික් ගාමිණි ජිනපි‍්‍රය
 

advertistmentadvertistment
advertistmentadvertistment