පක්‍ෂ 11ක එකමුතුවේ ජාතික වැඩපිළිවෙළ මහා නායක දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති

133

තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද ‘මුළු රටම හරි මඟට’ ජාතික වැඩපිළිවෙළ ගරුතර මහා නායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11 හි නායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් බැහැදැකීම රාජගිරිය, කළපළුවාව තපෝවනයේදී සිදුවිය.

 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුද ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් වෛi ජී. වීරසිංහ මහතා ද විජය ධරණි ජාතික සභාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද ඇතුළු පක්ෂ 11 ක එකමුතුවේ නායකත්වය ‘මුළු රටම හරි මඟට’ ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමිපාණන් වෙත පිළිගැන්වූ අයුරු පහත දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment