පකිස්තානයට 500 වෙනි ජයග්‍රහණය

446

ෆකාර් සමාන්ගේ 9 වැනි එක්දින ශතකය හා නසීම් ශාහ්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ පාකිස්තාන කණ්ඩායම සිය 500 වැනි එක්දින ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේය.

ඒ අනුව ඔවුන් එක්දින තරග 500 ක් ජය ගත් තෙවැනි රට ලෙස ඉතිහාසයට එක් වූ අතර එක්දින තරග 949 කට ක්‍රීඩා කරමින් ඔවුහු එම ජයග්‍රහණය ලැබූහ.

ඒ අනුව එක්දින තරග 500 ක් ජය ගැනීමට දෙවැනි අඩුම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ රට බවට ද පාකිස්තානය පත් වූයේය. ඔස්ටේ්‍රලියාව එම කඩඉමට ළගා වී තිබුණේ තරග 811 ක් පමණක් ක්‍රීඩා කරමිනි.

රාවල්පින්ඩි හිදී පැවැති මෙම තරගය ජය ගැනීම සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දු 9ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

පකිස්තානයට 500 වෙනි ජයග්‍රහණය

ෆකාර් සමාන් පන්දු 114 කින් ලකුණු 117 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 13 ක් සමගිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 288 ක් රැස් කළ අතර නවසීලන්ත ඉනිම වෙනුවෙන් ඩැරල් මිචෙල් ලකුණු 113 ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි, නසීම් ශාහ් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

මෙම ජයත් සමග තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment