පකිස්තානයෙන් චීනයට අභියෝගයක්

356

චීන පකිස්තාන ආර්ථික දොරටු ප්‍රවේශය මගින් පකිස්තානයට ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති කඩිනමින් ආරම්භ නොකළහොත් එම ආර්ථික දොරටු ප්‍රවේශය ප්‍රතිපත්තිමය ලෙස අතහැර දැමීමට පකිස්තාන අගමැති ෂෙභාස් ෂරීෆ් මහතා අනුමැතිය ලබාදී ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ සැලසුම් සහ සංවර්ධනය අමාත්‍යංශය විසින් ලබාදුන් වාර්තාවකට අනුවය.මෙම ආර්ථික දොරටු ප්‍රවේශය මගින් මහා පරිමාණ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන බවට චීනය පළමුව සහතික වියයු යැයිද එම වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් චීනයට බලපෑම් කළ නොහැකි බවත් එය රටේ අභ්‍යන්තර තීරණයක් බවත් සැලසුම් සහ සංවර්ධන ඇමැති අෂාන් ඉක්බාල් මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment