පකිස්තානයේ ඩෙංගු හා මැලේරියාව හිස ඔසවයි

88

පකිස්තානයේ මුළු භූමි භාගයෙන් තුනෙන් එකක් යට කරමින් එරට පසුගියදා හටගත් ජල ගැලීම් හේතුවෙන් ඩෙංගු හා මැලේරියා යන රෝග රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන තිබෙන බව වාර්තා වේ. ජල ගැලීම්වලින් අවතැන්වූවන් වැඩි දෙනකු තවමත් ජලය රැඳී ඇති ප්‍රදේශ ආසන්නයේ සිටීම හේතුවෙන් ඩෙංගු රෝගය ඔවුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන ඇති අතර දිනෙන් දින වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව පකිස්තාන වෛද්‍යවරු පවසති.

ඩෙංගු හා මැලේරියා රෝගවලට අමතරව දරුණු ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට ද බොහෝ දෙනකු ගොදුරු වෙමින් සිටින බව එම වෛද්‍යවරු මාධ්‍යට පවසා තිබේ. ඉකුත් ජුනි මස මැද භාගයේ සිට පකිස්තානයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමගම හටගත් දරුණු ජල ගැලීම් හේතුවෙන් 1500කට ආසන්න සංඛ්‍යාවක් මියගිය අතර තවත් මිලියන 33ක ජනතාවක් පීඩාවට ලක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment