පකිස්තානයේ භූමිකම්පාවකින් 20කට අධික පිරිසක් මරුට

98

පකිස්තානයට අයත් බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ ඊයේ (07දා) සිදු වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 20කට අධික සංඛ්‍යාවක් මිය ගොස් 150ක් පමණ දෙනාට තුවාල සිදු වී තිබේ. රිච්ටර් මාපකයේ 5.9ක් වශයෙන් සටහන් වී ඇති මෙම භූමිකම්පාව හේතුවෙන් මිය ගොස් ඇති අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් හා ළමුන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

 බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ භූමිකම්පාවත් සමගම අවට පිහිටි ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙනි. බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ හමයි දිස්ත‍්‍රික්කය ඇතුළු බොහෝ ප‍්‍රදේශවලට බලපා ඇති මෙම භූමි කම්පාවෙන් තුවාල ලැබූවන්ගෙන් බහුතරය අසාධ්‍ය මට්ටමේ පසුවන අතර ඇතැමුන්ට සිදුව ඇති දරුණු තුවාල හේතුවෙන් රෝහල්වලට ගෙන යෑමට පෙර ඔවුන් ගෙන යන ඇඳන්වලදීම අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට වෛද්‍ය කණ්ඩායම් විසින් පියවර ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් ප‍්‍රාන්තයේ නිවාස 100ක් පමණ විනාශ වී ගොස් ඇති අතර විශාල පිරිසකට උන් හිටි තැන් අහිමි වී ගොස් තිබේ. විශාල ගොඩනැගිලි රැුසක්ද මෙහිදී කඩා වැටී ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment