පකිස්තානය ණය කන්ද අඩුකරගන්න චීනයට ඉඩම් බදු දෙයි

556

පකිස්තානය සිය අතිවිශාල විදේශ ණය ගෙවීම සඳහා කාෂ්මීර කලාපයට ආසන්න ප්‍ දේශයක් වන ගිල්ගිට් බෝල්ටිස්තාන් ප්‍රදේශය චීනයට බදු දීමට යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ප්‍රදේශය අනාගතයේ දී ලොව බලශක්තිය පිළිබඳ ගැටෙන තීරණාත්මක ප්‍රදේශයක් ලෙස වාර්තා වේ. මෙම ප්‍රදේශයේ අයිඑස්අයිඑස් ත්‍රස්ත ක්‍රියා කාරකම්ද පවතින බැවින් පකිස්ථානය චීනයට ලබාදීම තුළින් දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාවට ද තර්ජනයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතාමත් දිලිදු ජනතාවක් වාසය කරන මෙම ප්‍රදේශය සදහා විදුලිය ලැබෙන්නේ දිනකට පැය දෙකකි.එබැවින් මෙහි ජනතාව විශාල වශයෙන් වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය කරයි.මෙම ප්‍රදේශය පකිස්තාන චීන ආර්ථිකය තීරයට අයත් බැවින් චීනය මේ සදහා වැඩි උනන්දුවක් දක්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment