පකිස්තාන් නව රජය ඉන්ධන මිල ඉහළ දැමීම ගැන හිටපු අගමැති ඉම්රාන් ඛාන් විරෝධය පායි

152

පකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ රජය විසින් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට එරෙහිව හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය විරෝධය පා ඇත.

 පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 30 කින් ඉහළ නොදමා රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගෙන පෙට්‍රල් සහ ඩිසල් මිල ලීටරයකට පාකිස්තාන රුපියල් 25 කින් අඩු කළ හැකි බව ඔහු පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ උපායමාර්ගික සහචරයෙක් වන ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට තෙල් මිලදී ගෙන ඉන්ධන මිල අඩුකර ඇති බවත් අපේ ජාතිය තවදුරටත් ඇමරිකාව සමග සිට තවත් දැවැන්ත උද්ධමනයකට ගොදුරු වෙමින් සිටින බවත් ඉම්රාන් ඛාන් චෝදනා කරයි.

 පකිස්තාන රජය ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 179.86 ක්ද, ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 174.15 ක්ද, භූමිතෙල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 155.56 ක්ද දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment