පකිස්තාන පොලිසියේ ඉහළ තනතුරකට හින්දු කාන්තාවක්

513

මුස්ලිම් ජාතිකයන් බහුතරයක් වාසය කරන පකිස්තානයේ උප ප්‍රධාන පොලිස් අධිකාරී තනතුරකට ප්‍රථම වරට හින්දු ජාතික කාන්තාවක් පත්ව තිබේ. පකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන 26 හැවිරිදි මනිෂා රෝපෙටා මෙසේ එරට උසස් පොලිස් තනතුරකට පත් ප්‍රථම කාන්තාව මෙන්ම සුළු ජාතික ප්‍රජාව නියෝජනය කරන තැනැත්තා වී තිබේ.

පුරුෂාධිපත්‍ය පවතින පකිස්තානයේ පොලිසිය ඇතුළු බොහෝ වෘත්තීන් සඳහා කාන්තාවන්ට සම්බන්ධ වීම දැඩි සේ අසීරු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment