පකිස්ථානයේ ජල ගැලීම්වලින් රටෙන් තුනෙන් එකක් යට වේ

142

ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම පකිස්ථානයේ හටගෙන ඇති දරුණු ජල ගැලීම් හේතුවෙන් රටෙන් තුනෙන් එකක්ම මේ වන විට යට වී ඇති බව පකිස්ථාන රජයේ ඇමැතිවරු විසින් මාධ්‍යයට පවසා තිබේ. එම ඇමැතිවරුන්ට අනුව මෙතෙක් පකිස්ථාන ඉතිහාසයේ හටගෙන ඇති දරුණුතම ව්‍යසනයක් වන මෙම ජල ගැලීම්වලින් ඇමරිකානු ඩොලර් බිලියන 10ක පමණ හානියක් සිදුව ඇති බවයි.

ඊයේ (30දා) වන විට මෙම ජල ගැලීම්වලින් 1136 දෙනකු මියගොස් තිබූ අතර මිලියන 33කට අධික පිරිසක් විපතට පත්ව සිටියහ. මෙසේ ජල ගැලීම්වලින් විපතට පත්ව සිටි පිරිස එරට ජනගහනයෙන් සියයට 15ක ප්‍රතිශතයක් බව අනාවරණය වී තිබේ. මේ අතර පකිස්ථානයේ ජල ගැලීම්වලින් විපතට පත් වූවන් සඳහා ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.1 ක් එරටට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment