පකිස්ථානයේ විදුලි බලාගාර 50ක් ගංවතුරට ගසාගෙන යයි

138


පකිස්ථානයේ පසුගියදා ඇතිවූ ගංවතුරට කයිබර්පක්තුන්ක්වාක් ප්‍රදේශයේ කුඩා විදුලි බලාගාර සියල්ල ගසාගෙන යාම නිසා කන්ඩියා ටෙසිල්ස් පදිංචිකරුවන් වෙත තවමත් විදුලිය නැතැයි වාර්තාවේ. මෙම ප්‍රදේශයේ ජනතාවට විදුලිබලය ලබාගැනීමට කුඩා විදුලිබලාගාර 50ක් පමණ යොදාගෙන තිබුණි.ඒවා සියල්ල ගංවතුරට ගසාගෙන ගොස් විනාශවී ඇත.මින් තුනක් ජනතාවගේ ආධාර මත යළි යථා තත්ත්වයට පත්කර ගෙන ඇත.නමුත් ඉන් නිපදවෙන විදුලිය ඉතා අඩු ධාරිතාවයකින් යුක්ත බව ප්‍රදේශවාසීහු පවසති.මෙම තත්ත්වය මත එම ප්‍රදේශවල ජනතාව මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති. මේ අතර සිය ජංගම දුරකථන චාර්ජ් කරගැනීමට පවා විශාල දුරක් පැමිණීමට සිදුව ඇති බවත් ඒ සඳහා තෝටි බසාර් අසලට පැමිණීමට සිදුවී ඇති බවත් පීඩාවට පත්ව සිටින ඉජාස් අහමඩ් මාධ්‍ය වෙත පවසා ඇත.මෙම ගංවතුර නිසා පුද්ගලයින් 23 දෙනකු මරණයට පත්වූ බව පකිස්ථාන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment