පකිස්ථානයේ සුළු ජනතා ගැටලුවක් ජිනීවා යයි

97

පකිස්ථානයේ ගිල්ගිට් බල්තිස්ථාන් හි ජීවත්වන ජම්මු කාශ්මීර් ජනතාව වෙනම ජන කොටසක් ලෙස ලියාපදිංචි කළ යුතු යැයි එක්සත් කාශ්මීර මහජන ජනතා පක්ෂයේ ප්‍රකාශක සර්දා නසීර් අසීස් ඛාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් දැනට ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව වෙතද යොමුකර ඇතැයි ඔහු පවසයි. දැනට සිදුකරන ජන සංගණනය අනුව මෙම ජනතාව ඔවුන්ගේ ජන අනුපාතය වෙනස් කිරීමට පියවර නොගත යුතු යැයිද සදහන් කරයි. මෙම ජනතාව සුලු ජන කොටසක් ලෙස ලියාපදිංචි කළ යුතු බවත් මොවුන් සරණාගතයින් ලෙස සදහන් නොකළ යුතු බවත් මෙය ඉන්දීය රජයට අයත් කලාපය තුල අර්බුද කාරී ප්‍රදේශයක් බවත් පවසයි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව සහ කාශ්මීර ව්‍යවස්ථාවට අනුව මෙම ප්‍රදේශය ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අයත්ය. පවතින මෙම අර්බුදය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැනුම්දී ඇතැයි පවසන අසීස් ඛාන් මෙම ජනතාවගේ යහපතට අනුව පවතින ගැටලු විසදෙනු ඇතැයි විශ්වාස කරන බව ද සදහන් කරයි. මෙම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කාශ්මීරය උපරිම අයුරින් කටයුතු තව යුතු බව ද ඔහු පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment