පකිස්ථානය අලු ලැයිස්තුවට

378

ත්‍රස්තවාදයට සහාය දීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනා එල්ල කරමින් පකිස්ථානය අලු ලැයිස්තු ගත කිරීම සඳහා පැරීසිය මූලස්ථානය කරගත් මූල්‍ය මෙහෙයුම් පිළිබඳ පියවර ගනු ලබන ජාත්‍යන්තර කාර්ය සාධක බලකාය (international watchdog financial action task force ) පියවර ගෙන ඇත.ත්‍රස්තවාදී සංවිධාන වලට සහාය දීම සහ කලු සල්ලි සුදු කිරීමට සහාය දීම සම්බන්ධව පකිස්ථානයට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පකිස්ථානය සිය බලකායට අසත්‍ය තොරතුරු ලබාදී රැවටීමට ලක්කිරීමට උත්සාහා ගෙන ඇතැයි ද සඳහන් කරයි.පකිස්ථානය තහනම් ත්‍රස්ත සංවිධාන වලට විවිධ නම්වලින් රට තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව ලබා දී ඇතැයි ද පවසයි. උදාහරණයක් ලෙස ජමාත් උද් දවා සංවිධානය තහනම් කළ පසු එය අල්ලා උ අක්බාර් තරීක් නමින් පෙනී සිටීම සඳහා අවසර ලබා දී ඇතැයි ද සඳහන් කරයි.මෙමගින් කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව ද චෝදනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment