පකිස්ථානය ගෑස් මිල සියයට 50කින් වැඩි කරන්න හදයි

245


මෙම මාසයේ සිට පකිස්ථානයේ ස්වභාවික ගෑස් මිලෙහි සියයට 50 ක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව එරට ගෑස් නියාමන අධිකාරිය පවසයි.පසුගිය සිකුරාදා තෙල් හා ගෑස් නියාමන අධිකාරිය තරගකාරී රාජ්‍ය ගෑස් උපයෝගිතා දෙකක් සඳහා එහි නිර්ණය අවසන් කර නිවේදනයක් නිකුත් කිරීම සඳහා රජයට ඉදිරිපත් කළේය. එළඹෙන 2023-/24 මූල්‍ය වර්ෂය සඳහා ගෑස් නියාමන අධිකාරිය විසින් ගෑස් පාරිභෝගිකයින්ගෙන් එකතු කිරීමට ඇස්තමේන්තුගත ආදායම් අවශ්‍යතාවය රුපියල් බිලියන 697.4ක් බව ගණනය කර ඇත.එහිදී පන්ජාබ් සහ කයිබර්පක්කුත්වා හි පාරිභෝගිකයින්ට ගෑස් සැපයීම සඳහා වගකිව යුතු සුයි නෝතන් ගෑස් පයිප්ලයින් සමාගම රුපියල් බිලියන 358.4ක් එකතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment