පකිස්ථාන ආණ්ඩුව මිලිටරි සභාගයක සහායෙන් විපක්ෂය මර්දන කරන බවට චෝදනා

115

පකිස්ථාන ආණ්ඩුව බලගතු මිලිටරි සභාගයක් යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට පියවර ගන්නා බව පවසමින් එරට හිටපු අගමැති සහ පකිස්ථාන තරීක් ඉන්සාෆ් පක්ෂ නායක ඉම්රාන් ඛාන් ප්‍රමුඛ සහායකයින් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර ඇත.දින නියමයක් නොමැතිව පවත්වන මෙම විරෝධතා නිසා එරට දේශපාලනයේ උණුසුම් වාතාවරණයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මුදාව විවිධ චෝදනා එල්ල කරමින් ආණ්ඩුවට එරෙහිව නැගී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව ද පවසයි.පකිස්ථාන හමුදාවට සහ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වාට එරෙහිව ජනතා විරෝධයක් ඇතිකිරීමට උත්සාහා ගන්නා බව පවසමින් ඉම්රාන් ඛාන්ගේ සමීප ආධාරකරුවෙක් වන ස්වාති අත්අඩංගුවට ගත් බව ද සදහන් කරයි. එසේම ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ෂබ්බාස් ගිල් ද රෑපවාහිනී වැඩසටහනක් අතරතුර චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගත් බව ද පවසයි.පසුව ඔහු සති පහකට පසු ඇප මත නිදහස් කර ඇත.මෙම අත්අඩංගුවට ගැනීම් ලැජ්ජා සහගත යැයි විපක්ෂ චෝදනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment