පකිස්ථාන දේශපාලනය උණුසුම්වේ

111


පකිස්ථානයේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ නායක ෆවාඩ් චවුද්‍රි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමත් සමග එරට දේශපාලන නොසන්සුන්තාව උත්සන්න වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.මැතිවරණ කොමිසාරිස්ට සහ සාමාජිකයිනට හා පවුල් වෙත තර්ජනයක කරමින් එරට ව්‍යවස්ථාදායක ආයතනයට එරෙහිවීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.මෙම අත්අඩංගුවට ගැනීම එම පක්ෂයේ ප්‍රධානී සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක පියවරක් යැයි පවසයි. පකිස්ථාන රජයේ පවතින අසාර්ථක බව සහ එරට පවතින ආර්ථික අර්බුද හම්වේ ජනතාවගෙන් එය වෙනත් අරුමුණක් වෙත යොමු කරගැනීමට මෙය සිදුකළ බව ඉම්රාන් ඛාන් චෝදනා කරයි.රටේ ප්‍රජාතන්ත්‍රාවාදය රැකගැනීම වෙනුවෙන් තමා අවසන් හුස්ම තෙක් සටන් කරන බව ඉම්රාන් ඛාන් සඳහන් කරයි. මෙම අත්අඩංගුවට ගැනීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග රට තුළ අනවශ්‍ය දේශපාලන නොසන්සුන්තාවක් ඇති වී ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රධානීන්, සිවිල් සමාජ, පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment