පකිස්ථාන නීතීඥ සංගමයේ හිටපු සභාපති උසාවි භූමියේ දී ඝාතනයවේ

367

පකිස්ථානයේ ශ්‍රෙෂ්ඨාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලතීෆ් අෆ්රිඩි මහතා පේෂාවර් මහාධිකරණය පිටතදී වෙඩික්කරුවකුගේ විවෘත වෙඩි තැබීමකින් ඝාතනය වීම එරට අධිකරණ අංශයේ මහත් ආන්දෝලනයක් මතුව ඇත. අධිකරණ භූමියට වෙඩික්කරු ඇතුළු වීම ආරක්ෂක අංශයේ දුර්වලතාවයක් යැයි පවසයි.වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇත.අද්නාන් අෆ්රිඩි නැමැති මොහු පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාෂිෆ් අබ්බාසි පවසයි. ලතීෆ් අෆ්රිඩි නීතීඥවරයාගේ සිරුරට වෙඩි පහර හයක් එල්ලවී තිබේ. ඔහු රෝහල් ගත කරන විටදීම මියගොස් සිටි බව වෛද්‍යවරු පවසති. මෙම ඝාතනය සම්බන්ධයෙන් අගමැති ෂෙබාස් ෂරීෆ් මහතා ශෝකය පළ කරමින් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ප්‍රාදේශීය අධිකරණ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවය. එසේම අධිකරණ පද්ධතිය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම වැඩි කළ යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment