පකිස්ථාන හමුදා බංග්ලාදේශයේ සිදුකළ ජන සංහාරය ගැන ඇමෙරිකානු ජනපතිට යළි සිහි කරති

344

පකිස්ථාන හමුදාව විසින් 1971 වසරේ දී බංග්ලාදේශයේ සිදුකළ ජන සංහාරය දෙස යළි අවධානය යොමු කරන ලෙස ඉල්ලා ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන් දෙදෙනෙකු ජනාධිපති ජෝ බයිඩන් වෙත පිටු 08කින් යුතු යෝජනාවක් ඉදිරිපත් කර ඇත.රිපබ්ලිකන් පක්ෂ ස්ටීව් චාබොට් සහ ඩිමොක්‍රටික් සාමාජික සහ ඉන්දීය සම්භවයක් සහිත රෝ කන්නා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.එම ජන සංහාරය අමානුෂික බවත් සදහන් කර ඇති අතර එබැවින් ඒ පිළිබඳව යළි අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටිති.මෙය අමතක කර දැමිය හැකි දෙයක් නොවේ යැයි ද සදහන් කරති.බංගලි ජනතාවගේ එක්සත් බව, ඔවුන්ගේ බලාපොරොත්තු සහ විමුක්ති ය කිසිදා අමතක නොකරන්න යැයි ද ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment